Sunday, September 8, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයට සියල්ල සූදානම් - වර්ෂාවෙන් බාධා එල්ලවිය හැකි බවට අනාවැකි.




විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව්, බාබඩෝස් බ්‍රිජ්ටවුන්හිදීයි

 මේ වන විටත් බොහෝ ක්‍රීඩා ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගනය වෙත පැමිණෙමින් තිබෙන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.