Sunday, September 8, 2024

General line - 0115112241

ප්ලැනට් කිලර් පෘථිවිය පසුකර යයි 




එවරස්ට් කන්දේ ප්‍රමාණයට සමාන ග්‍රාහකයක් පෘථිවිය පසුකර ගොස් තිබෙනවා.

මෙම ග්‍රහලෝකය ප්ලැනට් කිලර් ලෙස හඳුන්වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.  

2011 යූඑල් 21 ලෙස හැදින්වෙන මෙම ග්‍රාහකය පළමුවරට හදුනා ගැණුනේ 2011 වසරේදී බවට සඳහන්.

එසේම එය තවත් වසර දහසක් පමණ ගතවන තුරු පෘථිවියේ ගැටීමට අවස්ථාවක් නොමැති බවයි යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කරන්නේ.

ඒ අනුව අවම වශයෙන් ඉදිරි වසර දහසක් තුලදී පෘථිවියට කිසිදු අනතුරක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නාසා ආයතනය විසින් මෙම ග්‍රහලෝකය විභව අන්තරායකර ග්‍රහකයක් ලෙස හඳුන්වා තිබෙනවා.

මෙම ග්‍රහලෝකය තත්පරයට කිලෝමීටර් 26 කට ආසන්න වේගයෙන් ගමන් කරමින් පෘථිවිය පසුකර ගෙන ගොස් තිබෙනවා

එසේම මෙම ග්‍රහලෝකය පෘථිවිය ආසන්නයට පැමිණෙන්නේ 2089 වසරේදී බවයි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ.