Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙයි




මෙවර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරුවන් දෙදෙනා වන විරාත් කෝලි සහ නායක රෝහිත් ශර්මා විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා 
තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී රෝහිත් ශර්මා ප්‍රකාශ කර තිබුනේ

ඊයේ පැවති අවසන් මහා තරඟයේදී ලකුණු 07ක් සුපිරි ජයක් හිමිකරගනිමින් ඉන්දීය කණ්ඩායම වසර 17කට පසු නැවතත් විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුනා.

ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් අපරාජිතව ලෝක කුසලානය දිනාගත් පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

තරගාවලියේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බුම්රා දිනාගත් අතර තරගයේ වීරයා සම්මානය විරාත් කෝලි දිනාගත්තා.