Sunday, September 8, 2024

General line - 0115112241

මුහුදේ අයිතිය චීනයට නොදෙන බව පිලිපීනය කියයි




පිලිපීනය චීනයට රාජ්‍ය තාන්ත්‍රික සටහනක් යොමු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පිලිපීනයේ විදේශ කටයුතු ප්‍රධානියා පවසන්නේ පසුගිය සතියේ දකුණු චීන මුහුදේ ඇති වූ ගැටුමෙන් පසු ඉක්මනින්ම චීනය සමඟ සංවාදයක් පැවැත්වීමට බලා සිටින බවයි.

කිසිම රටකට දකුණු චීන මුහුද මුළුමනින්ම පාහේ තම භූමි ප්‍රදේශය ලෙස ප්‍රකාශ කළ නොහැකි බව ද පිලිපීනයේ විදේශ කටයුතු ලේකම් එන්රික් මනාලෝ පැවසුවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ පිලිපීන රජය මේ සම්බන්ධයෙන් චීනයට වාචික සටහනක් යවා ඇති බවයි.

මීට පෙර රටවල් දෙක අතර ඇති වූ සමුද්‍ර ආරවුල් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් හරහා චීනය සමඟ සංවාදයක් ඉක්මනින් සිදුවිය හැකි බව ද මනාලෝ පැවසුවා.

පිලිපීනය තරඟකාරී මුහුදු කලාපය සම්බන්ධයෙන් චීනය සමඟ පවතින ආතතීන් තීව්‍ර කිරීමට උත්සාහ කරන්නේ දැයි මාධ්‍යවේදීන් එහිදී මනාලෝගෙන් විමසීමක් කර තිබෙනවා.

එහිදී ඔහු පැවසුවේ "අපි සාමය සහ ස්ථාවරත්වය සඳහා කැපවී සිටින අතර අපගේ ස්වෛරී අයිතීන් සහ ස්වෛරීභාවය කැප නොකර එය ප්‍රවර්ධනය කිරීමට අපට හැකි සෑම දෙයක්ම කරන්නෙමු." යනුවෙනුයි.

මනාලෝ මෙම අදහස් ප්‍රකාශ කළේ ජුනි 17 වන දින චීන සහ පිලිපීන යාත්‍රා අතර මතභේදයට තුඩු දී ඇති මුහුදු කලාපයේ ඇති වූ ගැටුමෙන් පසුව, පිලිපීනය විසින් චීනය එය වහිතාමතා කළ ක්‍රියාවක්” ලෙස ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

මෙම ආරවුල පිලිපීන සොල්දාදුවෙකුගේ ඇඟිල්ලක් අහිමි වීමට හේතු වුණා.

චීනය සිය ක්‍රියාවන් නීත්‍යානුකූල බව තහවුරු කර ඇතැයි පවසා තිබෙනවා .

මේ අතර පිලිපීන චීන අර්බුධයට අමෙරිකාව ද මැදිහත් වී සිටිනවා.

පිලිපීනයේ සුවිශේෂී ආර්ථික කලාපයේ නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන පිලිපීන යාත්‍රාවලට හිරිහැර කිරීම නවත්වන ලෙස චීනයට බල කර සිටින බවයි පිලිපීනයේ අමෙරිකානු තානාපති MaryKay Carlson පැවසුවේ