Sunday, September 8, 2024

General line - 0115112241

පකිස්තානය ළමුන් මිලියන 03 කට අධ්‍යාපනය නෑ.




පකිස්තානයේ බලෝකිස්තානයේ මිලියන තුනකට අධික ළමුන් පිරිසක් පාසල්වලට ඇතුළත් කර නොමැති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් පාසලෙන් බැහැර දරුවන් අධ්‍යාපන ආයතන වෙත ගෙන ඒම සම්බන්ධයෙන් දෙමාපියන්ගේ අවධානය යොමු කිරීමට රජයට සිදුව ඇතැයි ස‍‍ඳහන්.

පාකිස්තාන අධ්‍යාපන ආයතනය විසින් දියත් කරන ලද ජාතික ජයග්‍රහණ පරීක්ෂණයේදී බලෝකිස්තාන අධ්‍යාපන අමාත්‍ය රහීලා හමීඩ් ඛාන් ඩුරානි විසින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ඇය හදිසි නිවැරදි කිරීමේ පියවරයන් ඉල්ලා සිටි අතර අර්බුදයේ බරපතලකම ද ඉස්මතු කර තිබෙනවා.

මිලියන 26 ඉක්මවන ගෝලීය වශයෙන් පාසල් නොයන ළමුන් වැඩිම සංඛ්‍යාවක් සිටින රටවල් අතර පාකිස්තානය ද සිටින බවයි ඇය පැවසුවේ .

මේ සම්බන්ධයෙන් පකිස්තානය කණගාටු විය යුතු බව ද අමාත්‍යවරිය පවසා තිබෙනවා.

වයස අවුරුදු 5 සිට 16 දක්වා ළමුන් සඳහා නොමිලේ සහ අනිවාර්ය අධ්‍යාපනය සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25-A වගන්තිය බලාත්මක කිරීමට උත්සාහ කළද, තත්වය තීරණාත්මකව පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

බලුකිස්තානයේ වත්මන් රජයට ඇති ප්‍රමුඛතම අභියෝගය ලෙස අමාත්‍යවරයා හඳුනාගෙන ඇත්තේ පාසලෙන් බැහැර ළමුන් සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීමයි.

දරුවන්ගේ ඉගෙනීමට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් නිර්දේශ සඳහා තවමත් කැබිනට් අනුමැතිය ලැබී නොමැති බව ද වාර්තා වනවා.

පළාතේ පාසල් නොයන ගැහැණු ළමයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව අමාත්‍යවරිය විශේෂයෙන් කනස්සල්ල පළ කළ අතර, එම ප්‍රවණතාව 'ත්‍රාසජනක' බවයි ඇය පවසා ඇත්තේ. 

දරුවන් පාසල් නොයාමට කුටුම්භවල ආර්ථික අර්බුධය ප්‍රධාන හේතුවක් වී ඇති අතර ඒ ඔස්සේ ළමා ශ්‍රමිකයින් ද ඉහළ ගොස් තිබෙනවා