Sunday, September 8, 2024

General line - 0115112241

රවින්ද්‍ර ජඩේජා විස්සයි20 පිටියෙන් සමුගනි 




ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ඒ ඉන්දියාවේ බාබඩෝස් හි පැවති T20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා ද විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවයි 

ඔහු මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ සිය නිල ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමිනි.

35 හැවිරිදි වියේ පසුවන ජඩේජා පවසන්නේ තමා දිගටම එක්දින සහ ටෙස්ට් තරඟ සඳහා තවදුරටත් ඉන්දියාව නියෝජනය කරන බව

තවද තමා ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට 20යි 20 ලෝක කුසලානය දිනා ගැනීමට හැකිවීම සදා අමතක නොවන ජයග්‍රහණයක් බවයි.

2009 දී ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි20 තරඟාවලියෙන් පිවිසි ඔහු තරඟ 74කට ක්‍රීඩා කර ලකුණු 515ක් සහ කඩුලු 54ක් දවාගෙන සමත් වී තිබෙනවා.