Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් කුවේටයට පැසසුම්.




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කුවේටයට ස්තූතිය පළ කර තිබේ.

ඒ, ලොව පුරා ඉන්දියානු සංස්කෘතිය සහ උරුමය ව්‍යාප්ත කිරීම ඉස්මතු කරමින්.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ කුවේට් රජය සිය ජාතික ගුවන් විදුලියේ හින්දි භාෂාවෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි.

මෙම පුදුමාකාර මුලපිරීම සම්බන්ධයෙන් රජයට සහ රටේ ජනතාවට ස්තූති කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

කුවේටයේ සෑම ඉරිදාවකම විනාඩි 30ක් හින්දි භාෂාවෙන් විකාශය කෙරෙන ගුවන්විදුලි වැඩසටහන ඉන්දියානු සංස්කෘතියේ විවිධ වර්ණයන්ගෙන් සමන්විත බව ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

එමෙන්ම අග්‍රාමාත්‍ය මෝදි පැවසුවේ කුවේට් රජය සිය ජාතික ගුවන් විදුලියේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එයද හින්දි භාෂාවෙන් සෑම ඉරිදාවකම විකාශය කෙරෙන බවයි.

කුවේට් ගුවන් විදුලියෙන් පැය භාගයක් එම හින්දි භාෂා වැඩසටහන විකාශය කෙරේ.

එය ඉන්දියානු සංස්කෘතියේ විවිධ වර්ණවලින් සමන්විත වී ඇති බවත් වැඩසටහනේදී විකාශය කෙරෙන චිත්‍රපට සහ කලා ලෝකය පිළිබඳ සාකච්ඡා කුවේටයේ සිටින ඉන්දීය ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය පවසා තිබේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ කුවේට් ප්‍රදේශයේ ජනතාවත් ඒ සඳහා විශාල උනන්දුවක් දක්වන බවයි.

මෙම අපූරු පියවර ගැනීම ගැන කුවේට් රජයට සහ ජනතාවට හදවතින්ම ස්තූතිවන්ත වන අතර ඉන්දීය සංස්කෘතිය ලොව පුරා කීර්තියක් උපයන ආකාරය ගැන  ඉන්දියානුවන් සතුටු වනු ඇති බවත් මෝදි පැවසීය.

ඉකුත් අප්‍රේල් මාසයේදී පළමු හින්දි ගුවන් විදුලි විකාශනය කුවේටයේ ආරම්භ විය.

සෑම ඉරිදාවකම Kuwait Radio හි හින්දි වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව කුවේට්හි ඉන්දියානු තානාපති කාර්යාලය කුවේට් ප්‍රවෘත්ති අමාත්‍යාංශයට ප්‍රශංසා කළේය