Sunday, September 8, 2024

General line - 0115112241

විරෝධය හමුවේත් අමෙරිකානු ජනපති පුටුව අතහැර යන්න බයිඩ්න් බෑ කියයි




කුමන පාර්ශව කුමන බලපෑම් එල්ල කළද නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

තමන් කිසිදු අවස්ථාවක ජනපති සටනින් ඉවත් නොවන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ විවාදාත්මක තත්ත්වයක් මතුවුණේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති විවාදයෙන් පසුවයි.

එහිදී ට්‍රම්ප් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී බයිඩ්න් අපහසුතාවට පත් වුණා.

බයිඩ්න්ගේ වයස හේතුවෙන් මතුවූ ශාරීරික දුබලතා ඊට හේතුවූ බවටයි පසුව ප්‍රකාශ වුණේ.

ඒ අනුව ඩිමොක්‍රටික් දේශපාලඥයින් ඇතුළු ඇතැම් පාර්ශව ඉන් පසුව පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තරඟයට ජෝ බයිඩ්න් සුදුසු නොවන බවයි. 

ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම පීඩනයක් එල්ල වන පසුබිමක අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ උප ජනාධිපති කමලා හැරිස් අතර ඊයේ විශේෂ සාකච්ඡායක් පවත්වා තිබෙනවා.

එහිදී බයිඩ්න් පවසා ඇත්තේ තමන් අනිවාර්යෙන්ම ජනාධිපති සටනට තරඟ වදින බවයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ වන විට 81 හැවිරිදි වියේ පසුවනවා.

යම් හෙයකින් ඔහු මෙවර ජයගතහොත් අමෙරිකාවේ වයස්ගතම ජනපති වන්නේ ඔහුයි.