Saturday, October 5, 2024

General line - 0115112241

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කල සයිබර් අපරාධකරුවන් දිවයිනට




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.

ඒ අනුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකු ද සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා මත එරට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට එහිදී අනාවරණ වූ බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.

අත්අඩංගුවේ පසුවන සෙසු ශ්‍රී ලාංකිකයන් පිරිස සති දෙකක් තුළ දිවයිනට පිටුවහල් කරනු ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසුවේ.