Saturday, October 5, 2024

General line - 0115112241

අල්ලස්ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරින් දෙදෙනා රිමාන්ඩ්

උදය කුමාර




අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු හා කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී එම කොමිෂම විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.  

ඒ අනුව සැකකරුවන් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. 

මාර්ගගත මුදල් ගනුදෙනුවකට අදාළ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් එක් ලක්ෂ 54,200ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේදී සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.