Saturday, October 5, 2024

General line - 0115112241

මහනුවර පොත් දැක්මට අදත් මහ සෙනඟක්




“මහනුවර පොත් දැක්ම 2024” අඛණ්ඩව 06වන දිනටත් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හීදී අද ක්‍රියාත්මකයි.

එහි අවසන් දිනය වන හෙට දිනයේ ද පාඨකයින්ට පෙරවරු 09 සිට රාත්‍රී 07 දක්වා පොත් මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ “මහනුවර පොත් දැක්ම” සංවිධායක මණ්ඩලයේ සංවිධායක නිශාන්ත වික්‍රමතිලක පැවසුවේ.  

මහනුවර පොත් දැක්ම සඳහා නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.