Saturday, October 5, 2024

General line - 0115112241

කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දාගේ සමීපතමයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 ඒ, එම බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පිටිගල, වාඩුවැලිවිටිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

පසුගිය මාර්තු 11 වනදා පිටිගල, හොරන්ගොල්ල ප්‍රදේශයේ සිදුකරන ලද වෙඩි තැබීමට යොදාගන්නා ලද අවිය එකලස්කර, එම වෙඩි තැබීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20ක්ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

යතුරුපැදියක් ද සමඟ අත්අඩංගුවට ගත් තල්ගස්වල, හොරන්ගොල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිටිගල පොලිස් ස්ථානය වෙත භාරදුන් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.