Tuesday, October 1, 2024

General line - 0115112241

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කතරගම කිරිවෙහෙර පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි




ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී පැවැත්වුණා.

ඒ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන්.

2024 ඔක්තෝබර් මස 10 දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමිව සියලුම යුද්ධ හමුදා රෙජිමේන්තු සහ ආයතන නියෝජනය වන ධජයන් සඳහා කිරිවෙහෙර, මහසෙන් දේවාලය සහ කතරගම දේවාල පරිශ්‍රයන්හිදී ආශිර්වාද කිරීම සිදුවිය. 

යුද්ධ හමුදාව විසින් කිරිවෙහෙර සංවර්ධන කටයුතු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයන් ද සිදුකිරීමද මෙහිදී සිදු කර තිබෙනවා.

මෙම අවස්ථාව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී විය.