Sunday, October 6, 2024

General line - 0115112241

නව කල්කුඩා පොලිස් ස්ථානය ජනතා අයිතියට




මඩකලපුව කොට්ඨාසයේ කල්කුඩා පොලිස් ස්ථාන නව ගොඩනැගිලි සංකීර්ණය වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා.

ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිව විවිධ දුෂ්කරතාවයන් සහ අභියෝග මධ්‍යයේ සංචාරකයින්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට ඉමහත් සේවාවක් ඉටු කරමින් පවත්වාගෙන යමින් තිබූ කල්කුඩා පොලිස් ස්ථානය නව මුහුණුවරකින් ඉහල ගුණාත්මකව බවකින් යුත් සේවාවක් සැලසීමට හැකියාව ලැබෙනවා.

කොට්ඨාස ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි 04 කට ආසන්න මුදලක් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම සඳහා වැය කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා, ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික වීරසේකර මහතා, අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේසිරි මහතා, මඩකලපුව පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය. 

 

PoFJaqEQJYSC7nHnwJ4AutiCyOZ2A38yXDWg1sbSDkm6PLureXHrUiZK2EiX1rc6MH5FmYYZu/s1600/14.jpeg" style="display: block; padding: 1em 0; text-align: center; ">