Sunday, October 6, 2024

General line - 0115112241

ගම් මට්ටමේ තම පාක්ෂිකයන් එක්කර ගනිමින් පොහොට්ටුව යලි ශක්තිමත් කරන බව නාමල් කියයි




මහ මැතිවරණය සම්බන්ධයෙන් සහ රට තුළ පවති වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳ දේශපාලන පක්ෂ නියෝජිතයින් මේ වනවිට විවිධ අදහස් පල කරනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාක්ෂිකයන් රැසක් මේ වනවිටත් සමගි ජන බලවේගය සමඟ එක්වෙමින් සිටින බවයි.


එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින සාකච්ඡා සම්බන්ධයෙන් ද හිටපු පාර්ලිමේන්තු මන්තී වජිර අබේවර්ධන මහතා මෙලෙස අදහස් පල කළා.


ගම් මට්ටමේ තම පාක්ෂිකයන් එක්කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියටත් ශක්තිමත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.


දූෂණ චෝදනා එල්ල වී ඇති සියලු පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂන සිදුකර ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය බලාපොරොත්තු වන බවයි ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.