Sunday, September 8, 2024

General line - 0115112241

රුසියානු ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 37ක් දක්වා ඉහළට




යුක්‍රේනයේ කිව් අගනුවර ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ප්‍රහාරවලින් පුද්ගලයින් 170 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රුසියානු හමුදා එල්ල කල මිසයිල ප්‍රහාරවලින් ළමා රෝහලකට ද හානි සිදුව තිබෙනවා.

ප්‍රහාරයත් සමඟ රෝහල් ගොඩනැගිල්ලේ පිපිරීම් කිහිපයක් ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ළමා රෝහලේ සිටි දෙදෙනෙකු ද මියගිය පිරිස අතර වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා.