Sunday, September 8, 2024

General line - 0115112241

වැඩි කල රු 1700යේ වැටුප ඉල්ලා වතු කම්කරුවනුත් අද වර්ජනයක 

හැටන් රංජිත් රාජපක්ෂ




රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 දෛනික වැටුප කඩිනමින් ලබාදිමට වතු සමාගම් පියවර ගත යුතු බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු ගනනාවක වතු කම්කරුවන් අද දින උදැසන එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට එක් රැස් වි උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

තේ වතුයායේ දෛනික වැඩ කටයුතු වලට වාර්තා කිරිමට ප්‍රථම උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් කියා සිටියේ රජයේ නිලධාරින්ට සහ සේවකයන්ට රජය මගින් වැටුප් වැඩි කරන බවත්, තමන් ලබාදුන් රු 1700 දෛනික වැටුප ලබාදිමට වතු සමාගම් විරෝධය පල කරන බවයි.

වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගෙන ඇති අතුරු තහනම් නියෝගය ‍ඉවත් කිරිමට රජය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කර එම වැටුප ලබාදිමට කටයුතු කලයුතු බවයි උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් පවසන්නේ.