Friday, October 18, 2024

General line - 0115112241

එල් පී එල් කොළඹ අදියර හෙට ඇරඹෙයි




එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ අදියර හෙට ආරම්භ වනවා.

ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරඟය හෙට රාත්‍රී 07යි 30ට ආරම්භ වීමට නියමිතයි. එය මෙවර එල් පී එල් තරඟාවලියේ 15වන තරඟයයි.

මෙතෙක් පැවති තරඟවලට අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

ඒ, තරඟ 06කට සහභාගී වී තරඟ 04ක් ජය ගනිමින්.

ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු ගණන 08ක්. 

ගොල් මාවලස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

ඔවුන්ද තරඟ 06කට ක්‍රීඩා කර තරඟ 04ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 08ක් ලබා ගෙන සිටිනවා.