Sunday, September 8, 2024

General line - 0115112241

ලංකා ප්‍රිමියර් ලීග් කොළඹ අදියර අදින් ඇරඹේ




එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ 15වන තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා. ඒ, කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

මෙවර තරඟාවලියේ කොළඹ අදියරේ පළමු තරඟය වන්නේද මෙම තරඟයයි. මෙතෙක් පැවති තරඟවලට අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

ඒ, තරඟ 06කට සහභාගී වී තරඟ 04ක් ජය ගනිමින්. ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු ගණන 08ක්.

ගෝල් මාවලස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

ඔවුන්ද තරඟ 06කට ක්‍රීඩා කර තරඟ 04ක් ජය ගනිමින් හිමිකරගෙන සිටීම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 08ක්.

කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තුන් වන ස්ථානයේ රැඳී සිටින අතර දඹුල්ල සික්සර්ස් කණ්ඩායම එම සටහනේ සිව් වන ස්ථානයේ රැඳී සිටිනවා.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයයි.