Sunday, September 8, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට සුපිරි ජයක්




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමක සහ ලකුණු 114කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු ඉනිම සදහා කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 121 ක් පමණයි.

ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 371 ක් රැස් කළා.

එහිදී සැක් ක්‍රොලි ලකුණු 76 ක් සහ ජෙමී ස්මිත් ලකුණු 70 ක් රැස් කිරීමට සමත් වුණා.

දෙවනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 136 ක් පමණයි.

පළමු ඉනිමේදී කඩුලු 7 ක් සහ දෙවන ඉනිමේදි කඩුලු 5ක් දවා ගත් එංගලන්ත කණ්ඩායමේ එන්ගෙසාකින්සන් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.

දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 18 වනදා නොටින්හැම්හිදි ආරම්භවීමට නියමතයි.