Sunday, September 8, 2024

General line - 0115112241

උද්ඝෝෂකයන්ට වජිරගෙන් පණිවිඩයක්




රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණ ව්‍යාපාරවලට යොමු වීමට පෙර රටේ තත්ත්වය නැවත නැවත සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

දරුවන්ගේ අනාගතයට උද්ඝෝෂණවලින් බලපෑම් ඇති වන බවයි බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය මැතිවරණ කල් දැමීම නොව සෑම මැතිවරණයකටම ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ජනාධිපතිවරණය කල් දැමීමට කුමන බලපෑම් එල්ල කළ ද තම පක්ෂය ඊට ඉඩ නොතබන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර කියා සිටිනවා.

ජාතික ජන බලවේග රජයක් යටතේ දූෂණ චෝදනා එල්ල වී තිබෙන සියලු පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර දඩුවම් ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.