Sunday, September 8, 2024

General line - 0115112241

දීඝවාපි චෛත්‍යයේ නිධන් වස්තු තැන්පත් කිරීම ජනපති සුරතින් සිදු කෙරේ




ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා.

2020 වසරේදී ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ සොළොස්මස්ථාන අතරින් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබූ අවසන් චෛත්‍යයි.

දීඝවාපි පුදබිමේ අභිනවයෙන් ඉදි කරන ලද ධාතු මන්දිරය, දුර බැහැර සිට දීඝවාපිය වෙත පැමිණෙන ජනතාව වෙත නවාතැන් පහසුකම් සැලසීමේ අරමුණින් ඉදි කල ‘අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ සහ දාන ශාලාව විවෘත කිරීම ද එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මේ අතර මහවැලි එච් සහ හුරුළුවැව කලාප දෙකෙහි ජනතාවට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය වසර දෙකක කාලය තුළ දී දේශපාලනයෙන් තොර සියලු දෙනා සමඟ එක්ව වැඩ කිරීමට හැකි වූ නිසා ආර්ථික වශයෙන් විශාල ජයග්‍රහණ කිහිපයක් රටට ලැබුණු බවයි.

ඉදිරියටත් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.

සින්නක්කර ඔප්පු ලබාදීමේ ක්‍රමවේදය තවදුරටත් කඩිනම් කරමින් හඳුනාගත් සියලුදෙනාටම සින්නක්කර ඔප්පු ලබාදීම තමාගේ අරමුණ බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.