Sunday, September 8, 2024

General line - 0115112241

විස්සයි විස්ස නායකත්වයට නම් දෙකක් ගැන තේරීම් කමිටුවේ අවදානයට




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

නිමා වූ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවීම හේතුවෙන් සමාජ මාධ්‍යයෙන් දැඩි  විරෝධතා එල්ල වුණා.

එම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු කළ හිටපු නායක වනිදු හසරංග පසුගිය දා සිය නායකත්වයෙන් ඉල්ලා අස් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එළඹෙන ජූලි 27 වෙනිදා ඉන්දීය කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස චරිත් අසංලක පත් කිරීමට තේරීම් කමිටුවේ අවදානය යොමු වී තිබෙනවා.

එමෙන්ම එල් පී එල් තරගාවලියේ දක්ෂතා අතර සිටින දිනේශ් චන්දිමාල්ගේ නම ද  ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට යෝජනා වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය එළඹෙන 27 වනදා පැවැත්වෙන අතර එහි දෙවන තරගය 28 වනදා පැවැත් වෙනවා.

අවසන් විස්සයි විස්ස තරගය එළඹෙන 30 වනදා පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලියේ එක්දින තරගයේ පළමු තරගය අගෝස්තු මස දෙවන දින ආරම්භ වන අතර එහි දෙවන තරගය අගෝස්තු 04 වනදා පැවැත්වීමට නියමිතයි.

තුන්වන සහ අවසන් එක්දින තරග අගෝස්තු මස 07 වනදා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.