Sunday, September 8, 2024

General line - 0115112241

මෝදි රුසියාවට ගියාට අපේ තරහක් නෑ - අමෙරිකාව කියයි.




ඇමරිකාව ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ හවුල්කාරීව කටයුතු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වේදන්ට් පටෙල් පවසයි.

ඒ අනුව යුක්රේනයට කල්පවත්නා සහ සාධාරණ සාමයක් ඇති කර ගැනීමේ උත්සාහයට සහාය දෙන ලෙස අමෙරිකාව ඉන්දියාවෙන් ඉල්ලා සිටින බව ද ඔහු පවසා තිබේ.

අග්‍රාමාත්‍ය මෝදිගේ මෑතකාලීන රුසියානු සංචාරයෙන් අනතුරුව ඉන්දු - අමෙරිකානු සබඳතා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් වේදාන්ත් පටෙල්ගෙන් විමසීමක් කර තිබේ.

එහිදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වේදන්ට් පටෙල් පවසා ඇත්තේ පුළුල් වශයෙන්, ඉන්දියාව සහ අමෙරිකාව හවුල්කරුවන් ලෙස අඛණ්ඩව පවතින බවයි.

එහෙත්, ඉන් ඔබ්බට, යුක්රේනයේ සහ රුසියාවේ අඛණ්ඩ ආක්‍රමණ සහ යුක්රේනයේ භෞමික ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමේ සන්දර්භය තුළ, යුක්රේනයට කල්පවත්නා සහ සාධාරණ සාමයක් සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයට සහාය දෙන ලෙස ඉන්දියාව ඇතුළු සියලුම හවුල්කරුවන්ගෙන් අමෙරිකාව ඉල්ලා සිටින බව ඔහු පවසා ඇත.

එමෙන්ම යුක්‍රේනයෙන් ඉවත් වන ලෙස රුසියාවෙන් යලිත් ඉල්ලා සිටින බව ද ඔහු පවසයි.

රුසියාව යුක්‍රේනයේ ස්වෛරී භූමියෙන් සිය හමුදාව ඉවත් කර ගත යුතු බව ද  ඔහු තවදුරටත් පැවසීය.