Sunday, September 8, 2024

General line - 0115112241

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය පැරදූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු හතක පහසු ජයක්




ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ඊයේ රාත්‍රියේ ජය ගත්තා.

ඒ, බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත් කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 111ක් රැස් කළා.

ආරම්භයේ සිටම බංග්ලාදේශ පිතිකාරිණියන්ට දැඩි පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා කාන්තා පන්දු යවන්නන් බංග්ලාදේශ පළමු කඩුලු හතර ලකුණු 17ක් තුළ දී දවා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ මැද පෙළ පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි නිගර් සුල්තානා පන්දු 59ක් තුළදී ලකුණු 48ක් රැස් කළ අතර ශෝර්නා අක්තාර් ලකුණු 25ක් රැස්කළා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී ලකුණු 20කට කඩුලු 02ක් බිඳ හෙලූ අතර ඉනෝෂිකා ප්‍රියදර්ශනී දකුණු 17කට කඩුලු 02ක් බිඳ හෙලුවා. 

ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් තුළදී කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

නායක චමරි අතපත්තු ලකුණු 12ක් රැස් කළ අතර විශ්මි ගුණරත්න ලකුණු 51ක් රැස් කළා.