Sunday, September 8, 2024

General line - 0115112241

ක්ලබ් වසන්තගේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් කෙටි කාලයකින් අත්අඩංගුවට ගන්නවා - ටිරාන් අලස් නුවරඑළියෙදී කියයි 

හැටන් රංජිත් රාජපක්ෂ  




මෑතකදි අතුරුගිරිය වෙඩි තැබීමකින් ඝාතනයට නුවරඑළිය ප්‍රදේශයෙන් ව්‍යාපාර ආරම්භ කළ ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතනය හා සම්බන්ධ සෙසු සැකකරුවන් සියල්ල අත්අඩංගුවට  ගෙන අවසන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඉතාම කෙටි කාලයකින් අත්අඩංගු කිරීමට කටයුතු කරන බව එක්සත් මහජන පක්ෂයේ නායක සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍ය ටිරාන් අලස් මේ බව සදහන් කර සිටියේ නුවරඑළිය නව නගර ශාලාවේදී පැවැති එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අමතමින්.


මෙහිදි වැඩිදුර අදහස් දැක් වු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් 

" රටේ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ එවකට හිටපු ආණ්ඩුව රට අස්ථාවර කරලා තනතුරු වලින් ඉල්ලා අස්වුනාට පස්සේ රට වැටිලා තිබුණු අවස්ථාවක තමයි අපිට භාරධුර වගකීමක් ලැබුණේ.

ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික ස්ථාවර කරනකොට රටේ ආරක්ෂාව ගැන ඉතාම වගකීම් සහගතව ක්‍රියා කරන්න ඕනි.

අරගල වගේ නොයෙකුත් ක්‍රියාකාරකම් ඔස්සේ නීතිය සම්පූර්ණ විනාශ වෙලා තිබ්බ වෙලාවක අපිට ඕන උනේ නීතිය හා සාමය ස්ථාපනය කරන්න.

එවිට තද තීන්දු තීරණ ගන්න උනාම බහුතරයක් විරුද්ධ උනා, එසේ නමුත් ඊට වඩා පිළිගැනීමක් තිබ්බ නිසා අපිට අපේ වැඩේ කරන්න පුලුවන් උනා. 

ආර්ථික ගැටලු ජනාධිපති තුමා විසදනකොට ඒ එක්කම අපිට ආරක්ෂාව තර කරන්න පුලුවන් උනා.

ඊලග ලොකුම අභියෝගය තමා කුඩු හා පාතාලය තුරන් කර රටේ තරුණ ප්‍රජව ආරක්ශා කරලා යහපත් තරුණ ප්‍රජාවක් නිර්මාණය කරන්න, අපි දැන් ඒක සාර්ථකව කරගෙන යනවා.

එදා තිබ්බ් කුඩු ප්‍රමාණය අද නෑ, එදා හැමදාම වෙඩි තැබීම් වාර්තා උනා ඒත් දැන් එහෙම නෑ.

ඒ ඔක්කොම යහපත් අතට හැරුනේ යුක්තියේ මෙහෙයුම හරි විදිහට කරලා වැරදිකරුවන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරපු නිසා.

මේ ක්‍රියාදාමය නව දේශපාලන ක්‍රමවේදයක් හරහා ජාති බේද ආගම් බේදවලින් තොරව ප්‍රතිපත්තියක් ඇතිව රට ගොඩ දාන්න තමා එක්සත් මහජන පක්ෂය කරන්න යන්නේ.

සමහර දේශපාලන පක්ෂ අනිසි ලෙස ජනතාව භාවිතා කලාට  ජනතාවට කිසිම හොදක් වෙන්නේ නෑ , මහජනයා රවට්ටලා ඡන්දෙ අරං දේශපාලඥයින් වශයෙන් ඔහුන් වැජඹෙනවා.

අපි පක්ෂයක් හැටියට කවදාවත් එහෙම කරන්නේ නැ, මහජනතාව ගැන හිතන මහජනතාවට යහපතක් කරන්න තමයි අපේ පක්ෂවේ  මූලික අරමුණු වන්නේ.

මම කා එක්කද වැඩ කරන්නේ කියල අපේ පක්ෂය තමයි තීරණය කරන්නේ, එයා දූෂණයෙන් තොර වැඩක් කරන්න පුළුවන් එක්කෙනෙක් එක්ක විතරයි අපි වැඩ කරන්නේ.

මම මහජනතාවගෙන් ඉල්ලන්නේ අපිත් එක්ක එකතු වෙන්න , අපිත් එක්ක වැඩක් කරන "