Friday, October 18, 2024

General line - 0115112241

හිරේ ඉන්න ඕනෙ මිනිස්සු අද රජයේ සේවකයන්ට තර්ජනය කරන බව - සුගීෂ්වර බණ්ඩාර කියයි 




නව ජනතා පෙරමුණ කියන්නේ පවුලකටවත්, කල්ලියකටවත් යට වුණ දේශපාලන පක්ෂයක් නොවන බව නව ජනතා පෙරමුනේ නායක සුගීෂ්වර බණ්ඩාර පවසනවා 

ඔහු මේ බව පවසා සිටියේ නව ජනතා පෙරමුණ කෝට්ටේ ආසන බලමණ්ඩල ජනහමුවට එක්වෙමින් 

එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක් 

" නව ජනතා පෙරමුණ කියන්නේ පවුලකටවත්, කල්ලියකටවත් යට වුණ දේශපාලන පක්ෂයක් නෙමෙයි. 

තව විදියකින් කිව්වොත් මේක තාත්තගෙන් පුතාට ආපු දේශපාලන පක්ෂයක් නෙමෙයි. 

අද දේශපාලන පක්ෂයක නමක් කිව්වම ජනතාව බලන්නෙ සැකයෙන්, එහෙම බලන එක සාධාරණයි කියලා මම හිතනවා, 

ලංකාවේ දේශපාලන පක්ෂ ගොඩක් පරම්පරාවෙන් පරම්පරාවට එන ඒවා, නැත්නම් තාත්තල හදපුවා කියල පුතාල බාරගත්ත ඒවා යනුවෙන් 

විදේශීය බලවේග වල ඒජන්තයින්ගෙ සල්ලි මළු වලට යට නොවෙන නව ජනතා පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේ සාමාජිකයින්ටත්, විධායක සභිකයන්ටත්, එහි සෙසු සාමාජිකයන් වන ඔබටත් මටත් තියෙනවා අපරාජිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ජාතික වගකීම. 

අපි මේ තීරණාත්මක මොහොතේ පෙළගැසෙන්න ඕනෙ ඒ අභියෝගය ජය ගන්න පුළුවන් නායකයෙක්ගේ වැඩපිළිවෙලක් එක්ක.

ඔබත් මමත් දන්නව මේ මොහොත වන විට ශ්‍රී ලංකාව තුල තියෙන තත්ත්වය. 

පසුගිය අවුරුදු කිහිපය ඇතුලෙ ලෝකයේ සෑම රටක්ම විවිධ අභියෝග වලට මුහුණ දුන්න. 

මේ තත්ත්වයෙන් මිදෙන්න විවිධ උපක්‍රම ඒ රටවල් අර ගනිමින් ඉන්නව. 

ඒවයෙ ප්‍රතිථල විදියට ලෝක බලවතුන්ගේ යුධමය ආක්‍රමණ, ඉන්ධන මිල ඉහළ ගණන් යෑමේ තත්ත්වය අපි වගේ රටවල් වලට අහිතකර ලෙස බලපාල තියෙනවා.

මේ සියල්ලට එක විසදුමයි අපි පක්ෂයක් විදියට දකින්නෙ, මේ රට තුළ පවතින දේශපාලන අර්බුදය ඉක්මනින් අවසන් කරල අපි මේ රටට පරිණත දුරදක්නා නුවනක් තියෙන නායකයෙක් පත් කරගන්න අවශ්‍යයි. 

ඒ නායකයා අනුර කුමාර දිසානායක වගේ වාචාලයෙක්, බොරු කාරයෙක් වෙනවට අපි කැමති නෑ, ඒ වගේම සජිත් වගේ බබෙක් ගේන්නත් නව ජනතා පෙරමුණ විදියට අපි ලෑස්ති නෑ. 

විශේෂයෙන් අපිට ඕනෙ රජකම අත්හදා බලන්න ඉල්ලන අනුරවත්, තාත්ත කරා වගේ කරනව කියන සජිත්වත් නෙමෙයි..

අපිට ඕනෙ මේ රටේ මිලියන විසි දෙකක හීන හැබෑ කරන්න පුළුවන් සැබෑ නායකයෙක්, කෙළින් තීරණ ගන්න පුළුවන් 
නායකයෙක්, මේ වෙලාවේ එහෙම ඉන්නෙ එකම කෙනා රනිල් වික්‍රමසිංහ කියලා අපි හිතනවා. 

මේ රටේ පෝලිම් ඇතිවෙලා ජනතාව මහ මග දුක් විදිනව බලන්නත් අපිට බෑ. 

ඒ නිසා අපි නව ජනතා පෙරමුණ විදියට රනිල් ජනාධිපතිතුමාට මීළග අවුරුදු පහට රට භාර දෙන වැඩ පිළිවෙළට සහය වෙන්න රටේ ජනතාව එක්ක එකතු වෙලා තීරණය කරල තියෙනවා. 

අපි මේ ගමන යද්දී ගල් මුල් වදියි, අපවාද අවලාද නගයි, අපිට හිරේ යන්න වෙයි. 

මතක තියාගන්න අපි ඒ හැම දේකටම ලෑස්ති වෙලා තමයි මේ දේශපාලන තීන්දු  සැබෑවක් කරන්න සටන් කරන්නෙ රට වෙනුවෙන්.

අපි දන්නව එදා උතුරේ ත්‍රස්තවාදය ඇති වුනේ නිජ බිම්වාදයෙන්, ඒත් දකුණ? දකුණේ ඒ ත්‍රස්තවාදය ඇති කළේ මාක්ස්වාදීන් කියල මම බය නැතිව කියනවා. 

අපිට පුළුවන් වුනා තිස් අවුරුදු උතුරේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය ඉවර කරන්න, හැබැයි මේ රටෙන් මාක්ස්වාදී ත්‍රස්තවාදීන් තුරන් කරන්න බැරි වුණ එකේ විපාක අවුරුදු පනස් නවයක් තිස්සේ අපි විදිනවා. 

අද බංලාදේශයෙ වගේම එදා 2022 ජුලි 09 වෙනිදා අපේ රටත් ගිණි ගත්තා, එදා ඒ භීෂණකාරී දිනය නිර්පාක්ෂික අරගලය ලෙස හැදින්වුනත් අද බොහොමයක් දෙනා දන්නව එතන තිබුණෙ සමාජවාදී ත්‍රස්තවාදයක් කියල.

එදා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් හිටපු නිසා ජීවිත බිලිනොගෙන හරි විදියට ඒ ප්‍රශ්නයට මුහුණ දුන්න. 

ඒ වගේම ඒ බල හුවමාරුව ඇතුලෙ බලයට පත් වුන රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එකදු ජීවිතයක් හෝ උණ්ඩයක් වැය නොකර මේ සමාජවාදී ත්‍රස්තවාදයට ඒ මොහොතේ තිත තිබ්බා.


මේ නායකයෝ දෙන්නම බුද්ධිමත්ව වැඩ කරපු නිසා අද අපිට නැවත සංවර්ධිත දේශයක් කරා යන ගමන ආරම්භ කරන්න පුළුවන් වෙලා තියෙනව. 

මේ දේවල් ගැන මිනිසුන්ට අපි පහුගිය දවස් වල කිව්වම මිනිස්සුන්ට ඒ තරම් තැකීමක් තිබ්බෙ නෑ. සමහර අය සමච්චලයට හිනා වුනා.....


ඒත් මේ දින කිහිපයේ බංගලාදේශයේ ඇතිවුණ තත්ත්වයත් එක්ක මුළු රටම ගිණි අරන් සිවිල් පුරවැසියෝ, සරසවි සිසුන් සිය ගණන් මහපාරේ මැරෙද්දි අපේ රටේ මිනිස්සුත් ප්‍රජාතන්ත්‍රවාදීව රටේ පාලනය ගෙනයන එක ගැන දැන් කතාවෙනවා. 


එදා 2022 ජුලි 09 ඔබේ දරුවත් අද බංගලාදේශයේ දරුවෝ වගේම මහ පාරෙ මරල දාන්න අනුර කුමාරල, ලාල් කාන්තල ගහපු ගේම ගෝඨාභයයි, රනිලුයි තේරුම් ගත්ත නිසා තමයි අද ඔබේ දරුවා ජීවත් වෙන්නෙ කියල මතක තියාගන්න


මේක තමයි සමාජවාදී ත්‍රස්තවාදයේ තියන නරකම තැන සහ බරපතළම තැන, එයාල ලෝකෙ කොහේ අරගලකරත් ඒ හැම තැනම රටකට තරුණ ජීවිත අහිමි කරල තියෙනවා. 

1988/1989 ලංකාවේ 60,000යි.

ජවිපෙ ජුලි 09 ගහපු ගේම පත්තු උනා නම් මම හිතන්නෙ ඔය අගය ලක්ෂ ගණනක් ඒවගේ සමාජවාදී ත්‍රස්තවාදී නායකයෝ තමන්ගේ වේදිකාවල ඉදල තමන්ට විරුද්ධ දේශපාලන මත දරණ අයට තර්ජනය කරන්නත් පටන් අරගෙන.

මහජන ඡන්දයෙන් පත් වුන ජනාධිපති එලවල දමල මේ රටේ ලේ වගුරවන්න හදපු ඒකට නිසි දඬුවමක් කරා නම් අද මෙහෙම වෙන් නෑ. 

වෙන රටක නම් මේ සියලු දෙනා හිරේ. එහෙම හිරේ ඉන්න ඕනේ මිනිහෙක් මම දැක්ක පසුගිය දවසක මහනුවර දී තමන්ගෙ රස්සාව හරියට කරපු රජයේ සේවකයෙකුට නම කියලම තර්ජනය කරනවා. 

වෘත්තිය සමිති නායකයෙක් විදියට ලාල් කාන්ත රජයේ සේවකයන්ට දෙන වටිනාකම මේකද? මේගොල්ලො දැන් මෙහෙම නම් බලයක් ලැබුනොත් කොහොම වෙයිද?

මේ දේවල් දිහා බලල ඔබ තීරණය කරන්න ඔබේ ඡන්දය හරි කෙනෙකුට දීල මේ රටේ නිදහසේ ජීවත් වෙනවද? ලාල් කාන්තලට, අනුර කුමාරලට සමාජවාදී කුරිරු හීනය දකින්න ඉඩ හරිනවද කියලා.

මතක තියා ගන්න මිනිසාට තියෙන වටිනාම දේ නිදහස, ගිහින් අහල බලන්න උතුරේ සහෝදර දමිළ ජනතාවගෙන් ඒ මිනිස්සු අවුරුදු 30ක් තිස්සේ නිදහසේ ජීවත් වෙන්න නැතිව කොයි තරම් දුක් වින්දද කියල. 

ඒ මිනිස්සු අවුරුදු 30ක් තිස්සේ හැමදාම උදේට නැගිටල දෙවියන්ගෙන් ඉල්ලුවෙ නිදහසේ හුස්ම ගන්න දෙන්න කියල.

ලෝකයේ රටවල් දියුණු කරපු හැම නායකයෙක්ම ඒ රටවල් දියුණු කරල තියෙන්නෙ තමන්ගෙ අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන නිසි ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කරලා.

 ඒ නිසා අපි හැමෝම කැමති මේ රටේ මිනිස්සු සාමයෙන් සතුටෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුල ජීවත් වෙනවා දකින්න.

පහුගිය අවුරුදු දෙකේ තිබුණු තත්ත්වය එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පෙන්නල තියෙනව එතුමාට ඒක කරන්න පුළුවන් කියලා. අපේ රටේ මිලියන විසි දෙකක ජනතාවට එතුමා සුබ බලාපොරොත්තුවක් දීල තියෙනවා.

ඒ නිසා සජිත්ගෙ වේදිකාවෙන් ඇසෙන විහිළු කතා වලටවත්, අනුර කුමාරලාගේ වේදිකාවේ වෛරයටවත් ඔබ සවන් දෙන්නේ නැතිව අපි මේ වෙලාවෙ රට වෙනුවෙන්, අපේ අනාගත පරපුර වෙනුවෙන් රනිල්ට ඉඩ දෙමු කියල ඉල්ලනවා "