Friday, October 18, 2024

General line - 0115112241

ලාඕසයට චීනයෙන් හමුදා පුහුණුව




ජුලි මාසයේ මුල් සති දෙක තුළ චීන හමුදාවේ සෙබළුන් සිය ගණනක් අග්නිදිග ආසියාවේ පැවැති යුද අභ්‍යාස සඳහා සහභාගී වී තිබෙනවා.

චීනයේ මහජන විමුක්ති හමුදාව ඉකුත් ජූලි 5 සිට 18 දක්වා ලාඕසයේ මහජන හමුදාව සමඟ ඒකාබද්ධ අභ්‍යාස පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

"මිත්‍රත්ව පලිහ 2024" ලෙස හැඳින්වෙන මෙම අභ්‍යාස සඳහා ලාඕසයේ හමුදා සාමාජිකයින් 900 ක් සහ චීන හමුදා නිලධාරීන් 300 ක් පමණ සහභාගී වී ඇතැයි සඳහන්.

චීනයේ BRI ණය ව්‍යාපෘති මගින් අරමුදල් සපයන ලද මෑතකදී ඉදිකරන ලද දුම්රිය මාර්ගයකින් චීන සොල්දාදුවන් ලාඕසයට ප්‍රවාහනය කළ බව අන්තර්ජාලයේ පළ කරන ලද ඡායාරූප උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලාඕසයට හමුදා දෘඩාංග ගෙන ඒම සඳහා ද චීනය දුම්රිය භාවිතා කර ඇති බවයි පැවසෙන්නේ.

බර මැෂින් තුවක්කු, ස්නයිපර් රයිෆල් සහ ග්‍රෙනේඩ් ලෝන්චර් ඇතුළු විවිධ ආයුධවලින් සජීවී වෙඩි තැබීම් අභ්‍යාසවලට ඇතුළත් වූ බව ද චීන හමුදාව නිවේදනය කළා.

එහිදී ලාඕසයේ සොල්දාදුවන්ට නව QBZ-191 ප්‍රහාරක රයිෆලය ඇතුළුව චීන ආයුධ භාවිතය පිළිබඳ පුහුණුව ලබා ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම චීන හමුදාවේ ඉංජිනේරුවන් ලාඕසයේ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ බවත්, නම් නොකළ චීන හමුදා විශේෂඥයෙක් රජයට අයත් ග්ලෝබල් ටයිම්ස් වෙත පවසා තිබෙනවා.