Sunday, September 8, 2024

General line - 0115112241

ඔලිම්පික් යන යුද්ධ හමුදා ශූරයින්ට යුද්ධ හමුදාපතිගෙන් දිරිදීමනා




ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා සිටින ශ්‍රීලංකා යුද්ධ හමුදා⁣ කාලතුවක්කු රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයක් අරුණ දර්ශන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් නදීෂා දිල්හානි ලේකම්ගේ වෙත යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් මූල්‍යාධාර ලබාදීම අද යුද්ධ හමුදා මූලස්ථායේදී සිදු කෙරිණ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ දිරිදීමනාවක් ලබාදුන් අතර මව්බිම වෙනුවෙන් පදක්කමක් ජයග්‍රහණය කර ශ්‍රී ලංකා නාමයත්‍, යුද්ධ හමුදා නාමයත් බබළවන්නැයි එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ට සුබ පැතුම් එක්කළේය