Sunday, September 8, 2024

General line - 0115112241

ගාසා තීරයේ සංහිඳියා රජයක් පිහිටුවීමට හමාස් සහ ෆාටා එකඟවෙයි 




යුද්ධයෙන් පසු ගාසා තීරය පාලනය කිරීම සඳහා "අන්තර්කාලීන ජාතික ප්‍රතිසන්ධාන ආන්ඩුවක්" පිහිටුවීමට පලස්තීන කන්ඩායම් 14ක් විසින් කරන ලද ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

මේ සම්බන්දයෙන්  චීනයේ විදේශ ඇමති වැන්ග් යී විසින් "බීජිං ප්‍රකාශනය" අත්සන් කිරීමෙන් පසු  ප්‍රශංසා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඒ අනුව ඔහු පවසා ඇත්තේ සංහිඳියාව පලස්තීන කොටස්වල අභ්‍යන්තර කාරණයක් වන නමුත් ඒ සමඟම ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය නොමැතිව එය සාක්ෂාත් කරගත නොහැකි බවයි.

තවද මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට චීනය උනන්දු වන බවද  ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඉස්ලාමීය හමාස් ව්‍යාපාරය 2007 දී ගාසා තීරයේ පාලනය අත්පත් කර ගත් අතර අනාගමික ෆාටා ව්‍යාපාරය ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ අර්ධ පරිපාලන පාලනයක් ඇති පලස්තීන අධිකාරිය පාලනය කරනු ලබනවා.