Sunday, September 8, 2024

General line - 0115112241

වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ආරම්භ කෙරේ




රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා.

අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකියි.

එම අයදුම්පත්වල ඡෘත්‍ ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක්  [email protected]  යන විද්‍යුත් තැපැල් ලිපිනයට අගෝස්තු මස 09 වන දිනට හෝ එදිනට පෙර යොමු කළ යුත බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

අදාළ තොරතුරුවල මෘදු පිටපත් පමණක් ලබා දීම ප්‍රමාණවත් වන අතර යම් හෙයකින් දෘඩ පිටපතක් ලබා දීමට අවශ්‍ය වන්නේ නම් පමණක් “ලේකම්, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කළ විශේෂඥ කමිටුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර,    කොළඹ 01” ලිපිනයට එම අයදුම්පත්‍ර ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් භාරදීම කළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.