Sunday, September 8, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමේ අද රැස්වීම හෙටට කල් යයි




අද පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීම හෙට පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හා එය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙණු ඇති බවයි වාර්තා වුණේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කවර ආකාරයේ සමාජ කථිකාවන් පැවතිය ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසූ පරිදි මෙම සතිය තුළ ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කෙරෙණු ඇතැයි විශ්වාස කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.


ජනාධිපතිවරණය පැවැත්විය හැකි ආසන්නතම දිනය කුමක්ද?

 

මැතිවරණ කොමිසමේ සභාපති රත්නායක ඉකුත් දා ප්‍රකාශ කළේ මෙම සතිය ඇතුළත ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන බවයි.