Sunday, September 8, 2024

General line - 0115112241

වතුර ටැංකියකින් ලක්ෂ 22ක හෙරොයින් සොයා ගැනේ




අත්අඩංගුවට පත්ව සිටින දාගොන්නේ අවිශ්ක නොහොත් කිරිපුතා නමැත්තාට අයත් හෙරොයින් කිලෝවකට අධික තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මිනුවන්ගොඩ, තොටිල්ලගහවත්ත, අළුතේපොල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 22කට ආසන්න බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ. 

මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින දාගොන්නේ අවිශ්ක නොහොත් කිරිපුතා නමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙකු වනවා. 

මෙම වැටලීමේදී සොයා ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 70ක ප්‍රමාණය ජල ටැංකියක් තුළ රහසිගතව සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා