Sunday, September 8, 2024

General line - 0115112241

පොලිස්පති නැතිව ජනාධිපතිවරණය පැවැත්විය හැකිද? - නීතිවේදීන්ගෙන් පැහැදිලි කිරීමක්




දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නිකුත් කළ අතුරු තහනම් නියෝගය ජනාධිපතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව නීතිවේදීන් පවසනවා.

ඔවුන් කියා සිටියේ වැඩ බලන පොලිස්පතිවරයෙකු යටතේ ජනාධිපතිවරණය පැවැත්විය හැකි බවයි.

කෙසේවෙතත් පොලිස්පතිවරයෙකු සතු සම්පූර්ණ බලතල වැඩ බලන පොලිස්පතිවරයෙකුට නොලැබෙන බවයි නීතිවේදීන් පැවසුවේ.