Sunday, September 8, 2024

General line - 0115112241

වතු කම්කරු දෛනික වැටුප වැඩි කළ ගැසට් නිවේදනය අවලංගු වෙයි




වතු කම්කරු දෛනික වැටුප ඉහළ නංවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා වැඩි කිරීමටයි තීරණය කර තිබුණේ.

මෙම තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද අදහස් පළ වුණා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග.

වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා අතුරු නියෝගයක් නිකුත් කළා.

අදාල වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.