Sunday, September 8, 2024

General line - 0115112241

මගීන් 19 දෙනෙකුට දිවි අහිමි කරමින් ගුවන් යානයක් බිහිසුණු අනතුරක 




නේපාලයේ කන්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූ  ගුවන් යානයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් කඩා වැටී තිබෙනවා. 

එම ගුවන් යානයේ මගීන් 19 දෙනෙකු ගමන් කර ඇති අතර  මේ වන විට 18දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

අනතුර සිදු වන අවස්ථාවේදී ගුවන් යානයේ නේපාල ජාතිකයින් 18 දෙනෙකු සහ යේමන් ජාතිකයෙකු සිට තිබෙනවා.

සෞර්යා ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය පෙරවරු 11 ට පමණ කත්මන්ඩු සිට පොක්හාරා නගරය බලා යෑමට ගුවන්ගත කරන අවස්ථාවේදී කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මියගිය 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර සහන කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයේ මෙහෙයුම් අරඹා ඇති අතර අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත් බවයි එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ