Friday, October 18, 2024

General line - 0115112241

නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක්




මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රි ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය යුතු බවද අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සරය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයට එක්වෙමිනි.

නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද සඳහන් කර සිටියා.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යාලයීය තූර්ය වාදක කණ්ඩායම විසින් මහත් හරසරින් පිළිගත් අතර විද්‍යාලයේ ශිෂ්‍ය භට බලකාය විසින්  ජනාධිපති උත්තමාචාරයක්ද පිරිනමන ලදී.