Sunday, September 8, 2024

General line - 0115112241

කාන්තා මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසගත පදක්කමක්

ටී කේ ජී කපිල




තායිලන්තයේ පැවති ආසියානු මල්ලවපොර ශූරතා තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි වයස අවුරුදු 20න් පහළ කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ තරඟ කළ පෝරුතොටගේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව, ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබෙනවා. මෙම කාණ්ඩය යටතේ   පදක්කමක් හිමි වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

මෙම තරගාවලිය ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කගේ පමණ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වුණා.