Sunday, September 8, 2024

General line - 0115112241

සජිත්ට සුහුරු පන්ති කාමර සහ බස් මිලදී ගන්න මුදල් ලැබුණේ කොහෙන්ද? 




එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ අද (2024/07/24) සිරිකොත පක්ෂ  මූලස්ථානයෙන්  පැවැති මාධ්‍යයේ දී දැක්වූ අදහස්,

"මේ රට මේ තත්ත්වයට ගොඩ ගන්නට හැකියාව ලැබුණේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලත් සමඟයි කියන එක රට පුරාම ජනතාව හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. ඒ නිසාම ඒ පිළිබඳව අවලාද නගන පිරිස් වලට පිළිතුරු දෙන්නට ජනතාව දැන් සූදානම් වෙලා ඉන්නවා. බොරුව සමාජගත කරලම දේශපාලනය කරන්න බැහැ කියන එක ඒ නිසා දැන් තේරුම් අරගෙන තිබෙනවා. ජනාධිපතිවරයා ක්‍රියාත්මක වෙන්නේ ඉදිරියේ වසර පහේදී කොහොමද මේ රටේ ඉදිරියට යන යන්නේ කියන කාරණය පිළිබඳවයි.  විශේෂයෙන්ම අණ පනත් අනුවකට වඩා සම්මත කරගෙන තිබෙනවා. රට නිවැරදි දිශානතියට ගමන් කරවන්නට ඒවා ප්‍රයෝජනයට ගත හැකි වෙනවා. විශේෂයෙන්ම විදේශීය ආයෝජකයින්ට පහසුකම් සැලසීම සඳහා විශේෂ අවධානය යොමු කරලා තිබෙනවා.

මේ වෙලාවේ බොරුව වපුරමින් ඉන්න සජිත් ප්‍රේමදාසට තමන් සුහුරු පන්ති කාමර සහ බස් මිලදී ගන්නට මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියන එක ප්‍රකාශ කිරීම අමතක වෙලා තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ හැම ලයිට් කණුවකම කට අවුට් ගහලා තරුණ සම්මේලන තියෙනවා. කටවුට් වලට වඩා අඩුයි එන සෙනඟ.
අපනයන වෙළෙඳ ආදායම බිලියන හයකින් 2023 වර්ෂයට වඩා මේ වන කොට වැඩි වෙලා තිබෙනවා. අපි ඉදිරියේදී දස ගුණයක වේගයෙන් ඉදිරියට යන්න සැලසුම් සකස් කරලා තිබෙනවා. ඒ වගේම අපේ බැංකු පද්ධතිය ශක්තිමත් වෙලා තියෙනවායි කියන කාරණව ෆිච් rating මගින් අපිට පෙනෙන්නට තිබෙනවා ජූලි මාසය තුළ දවස් විසි එකක කාලයක් තුළ සංචාරකයින් එක් ලක්ෂ විසි හත්දහසක් වෙලා තිබෙනවා. ඒ අනුව දිනකට සංචාරකයින් හය දහසක ප්‍රමාණයක් පැමිණ තිබෙනවා.එය අට දහස සහ දස දහස දක්වා වර්ධනය කිරීම තමයි අපගේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ප්‍රගතිය වෙනුවෙන් පුරෝකථනය කර තිබෙන්නේ. මේ වගේම මේ රටේ කාන්තාවන් බලගන්වන්නට අත් යන්ත්‍ර ප්‍රේක්ෂකර්ම කටයුතු නැවත ආරම්භ කරලා තිබෙනවා. එම ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් මිලියන 300 ක් පමණ වැය කරනවා. මේ ක්ෂේත්‍රය වෙනුවෙන් ලෝකයේ විශාල මිලක් ඉල්ලුමක් මේ වෙනකොට තිබෙනවා. නිසා මේ හරහා විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ඒමට හැකියාව ලැබෙනවා.

බොහෝ වෙලාවට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පාවිච්චි කරන ගෝස් වැනි දේවල් බොහෝ වෙලාවට අත් යන්ත්‍ර කර්මාන්තය තුළින් තමයි නිෂ්පාදනය කරන්නේ.

ඒ වගේම රුපියල් ලක්ෂයට වඩා අඩුවෙන්  රත්තරන් උකස්  තියල තිබෙන අයගේ සියයට දහයක්කින් අඩු කරන්නට පසුගිය සතියේ තීරණය කළා. විශේෂයෙන්ම තරුණ සහ කාන්තා ව්‍යවසාය නංවන්නට රුපියල් පනස්දහසේ සිට ලක්‍ෂ දහය දක්වා ණය ලබාදීම රාජ්‍ය බැංකු හරහා සිද්ධ වෙනවා. එහි පොලී අනුපාතය 08% සහ 10%මට්ටමේ පවත්වාගෙන යෑමට හැකියාව තිබෙනවා.

ඒ වගේම අපි සලකා බලමින් ඉන්නවා සෝලා roof top ක්‍රමවේදය හරහා අඩු ආදායම්ලාභී පවුල් වලට සහනයක් ලබා දෙන්නට හැකියාව තිබෙනවාද කියලා. තමන්ගේ වහලය කුලියට ලබාදීලා ආදායමෙන් සියයට 25%ක් වත් ඔවුන්ට ලබා දිය හැකිද කියන කාරණය සලකා බලමින් ඉන්නවා. කිලෝ වොට් පහක පමණ සෝලපද්ධතියක් වහලය තුළ සවිකිරීමෙන් අනතුරුව ඒ ලැබෙන ආදායමෙන් ප්‍රතිශතයක් තමා ලබාදෙන්නට සූදානම් වන්නෙ. ඒ අනුව මසකට රුපියල් 5000ක වගේ ආදායමක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම ජාතික ජන බලවේගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සිදුකළ තර්ජනයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කරපු පක්ෂයකින් මේවා බලාපොරොත්තු වීම අරුමයක් නෙමෙයි. එය අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ වගේම මාධ්‍යවේදීන්ගේ නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන එකත් සඳහන් කළ යුතුයි.''