Sunday, September 8, 2024

General line - 0115112241

අවලංගු කළ රුපියල් 1,700 වැටුප ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවක

රංජිත් රාජපක්ෂ




ජනාධිපතිවරයා විසින් ලබා දෙන බව පැවසූ රුපියල් 1,700 දෛනික වැටුප තමන්ට ලබා දෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා.

එලෙස උද්ඝෝෂණයක නිරත වුණේ තලවකැලේ රත්නිල්ල කැලේ ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක්.

රුපියල් දහසක දෛනික වැටුපෙන් තම දෛනික ජීවිතය ගත කිරීමට සහ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවයි උද්ඝෝෂණයේ නිරත වූ වතු කම්කරුවන් කියා සිටියේ.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා වැඩි කිරීමට රජය මගින් මීට පෙර තීරණය කර තිබුණා.

එහෙත් එම වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීමට නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ගැසට් නිවේදනයක් ඉකුත් දා නිකුත් කෙරුණා.

උද්ඝෝෂණයේ නිරත වූ වතු කම්කරුවන් කියා සිටින්නේ තමන්ට වැඩි කළ වැටුප ලබා දීමට නොහැකි නම් වතු සියල්ල රජයට භාර දෙන බවයි.