Sunday, September 8, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමේ තීරණාත්මක සාකච්ඡාව අද




මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. මෙහිදී ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගැනීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සති අන්තයට පෙර දැනුම්දෙන බව මැතිවරණ කොමිසම දැනටමත් ප්‍රකාශයට පත් කර අවසන්.

ඒ අනුව අද පැවැත්වෙන රැස්වීමේදී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ දින වකවානුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවයි මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචිමාර්ග පැවසුවේ. 

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිසම මීට පෙර රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා සහ තැපැල්පතිවරයා සමග සාකච්ඡා කළා.

දැන් සිදු වන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය තීන්න, ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු පවා ආරම්භ කර ඇති බවයි එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම පාර්ශවයෙන් ගත හැකි සියලු මූලික ක්‍රියාමාර්ගයන් මේ වන විට ක්‍රියාත්මක බවයි.