Sunday, September 8, 2024

General line - 0115112241

විශ්‍රාමිකයින්ට හදිසියේ රුපියල් 3,000ක දීමනාවක්




රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් තුන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, ලබන සැප්තැම්බර් මස සිටයි.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ නිර්දේශ මතයි.

ඒ අනුව ලක්ෂ 07කට පමණ මෙමගින් ප්‍රතිලාභ හිමිවන බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පැවසුවේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදීයි. 

මෙම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ඒ,  ඉදිරි ජනාධිපතිවරණය සහ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

ඒ අනුව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමටයි එහිදී තීරණය කර ඇත්තේ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් හුවමාරු වී තිබූ අතර එම තීන්දුවේ නීති ගැටලු රැසක් පවතින බැවින් ඊට අදාළ නීති ගැටලු සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කිරීමට කාලය අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයේ මතය වී තිබුණා.