Friday, October 18, 2024

General line - 0115112241

අධිකරණය ඉවත් කළ දේශබන්දු ගැන තීරණයක් ගන්න කැබිනට්ටුව රැස් කිරීම හරිද?




දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය ක්‍රියාත්මක නොකර ඒ පිළිබඳ තීරණයක් ගැනීමට කැබිනට් මණ්ඩල රැස් කිරීම වැරදි ක්‍රියාවක් බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඒ, නෙත් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්. 

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීමේ ක්‍රියාවලියම දෝෂ සහිත බවයි ඔහු මෙහිදී පැවසුවේ.  

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර  සහභාගි වූ නෙත් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට ඇතුළත් කිරීමට නියමිතයි.