Sunday, September 8, 2024

General line - 0115112241

උකස් කළ රන් භාණ්ඩ ගැන ආණ්ඩුවේ සහනය ජනතාවට දීම ප්‍රමාද වෙයි




බැංකුවල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතත් ඊට අදාළව මේ දක්වා වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ බැංකු මගින් අදාළ සහනය ලබා දෙන්නේ නම් ඒ සඳහා වන මුදල් බැංකු වෙත ලැබෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි. 

පසුගිය කාලයේ රට තුළ පැවති දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් රන් භාණ්ඩ උකස් කිරීම සීග්‍රයෙන් වැඩි වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

2019 වර්ෂයේදී රුපියල් බිලියන 210ක් පමණ වූ උකස් අත්තිකාරම් වල හිඟ මුදල් ප්‍රමාණය 2024 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 571ක් පමණ වී තිබෙනවා.

එය සියයට 172ක වර්ධනයක්.

ඒ අනුව ගනුදෙනුකරුවන් විසින් තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මඟින් ලබා ගත් රුපියල් ලක්ෂය නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව සියයට 10ක උපරිමයකට යටත්ව, පොලී සහනාධාරයක් ලබා දීමටයි ආණ්ඩුව යෝජනා කර ඇත්තේ.