Friday, October 18, 2024

General line - 0115112241

වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි




නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 81ක්.

මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා 1943 මාර්තු මස 08 වනදා උපත ලබන්නේ ලුණුගල ප්‍රදේශයේදීයි.

ලංකා සමසමාජ පක්ෂය හරහා 1962දී දේශපාලනයට පිවිසෙන ඔහු 2010 වසරේ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත් වුණා.