Friday, October 18, 2024

General line - 0115112241

කථානායක නෑ - ව්‍යවස්ථා සභා රැස්වීම හෙට




ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

දේශපාලන ආරචිමාර්ග සඳහන් කළේ හෙට පෙරවරු 10යි 30ට මෙම රැස්වීම පැවැත්වෙනු ඇති බවයි.

ව්‍යවස්ථාදායක සභාවේ මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන්නේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

කතානායකවරයා මේ වන විට විදේශගතව සිටින බවත් ඔහු අද පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිත බවත් දේශපාලන ආරචිමාර්ග පවසනවා.

ව්‍යවස්ථාදායක සභාවේ මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන්නේ පොලිස්පති ධූරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා බවටද වාර්තා වනවා. 

පොලිස්පති ධූරයේ පුරප්පාඩුවක් ඇති වූ විට ඒ සඳහා සුදුස්සෙකු පත් කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාව විසින්. ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඊයේ ලබා දුන් තීන්දුවත් සමග පොලිස්පති ධූරය මේ වන විට හිස්ව පවතිනවා.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සිදු වූ කටයුතු සම්බන්ධයෙන් ඉකුත් සමයේ දේශපාලඥයින් දැඩි විරෝධයක් එල්ල කළා.

එහිදී පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඊට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඉල්ලා තිබුණා. 

කෙසේවෙතත් ඉකුත් පෙබරවාරි මස 26 වෙනිදා රැස්වූ ව්‍යවස්ථා දායක සභාව විසින් ඊට අනුමැතිය ලබාදීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය නොවූ බවටයි චෝදනා එල්ල වුණේ.