Sunday, September 8, 2024

General line - 0115112241

පොලීසියේ ඉහළ පුටු දෙකම හිස්




මෙරට පොලිස්පති ධූරය සම්බන්ධයෙන් යළි අර්බුදයක් මතුව තිබෙනවා.

ඉකුත් වසරේද වැඩිම කතාබහක් ඇති වූ මාතෘකා අතරට පොලිස්පති ධූරය පත් වූයේ ඊට අදාළ පත් කිරීම් සිදු කිරීම ප්‍රමාද වීමත් සමගයි.

අවස්ථා කිහිපයකදී එවක වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී ඩී වික්‍රමරත්නට සේවා දිගු ලබා දීමත් සමග එම කතාබහ තවත් උණුසුම් වුණා.

ඉන් පසුවයි පොලිස්පති ධූරයට දේශබන්දු තෙන්නකෝන් පත් කෙරුණේ.

දැන් මෙරට පොලිස්පති ධූරය සම්බන්ධයෙන් යළි කතාබහක් මතුව ඇත්තේ, මතභේදාත්මක තත්ත්වයකින් පසුව පත් කෙරුණු දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති ධූරයේ රාජකාරි සිදු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමගයි.

අදාළ තීරණය ලද සැනින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ රාජකාරි සිදු කිරීමෙන් ඉවත් වී ඇති බවයි නෙත් නිවුස් කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ. 

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ධූරයේ කටයුතු කළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාද වූ නිලන්ත ජයවර්ධන ද ඉකුත් දා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවුණා. 

ජාතික පොලිස් කොමිසම පැවසුවේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහි විනය පරික්ෂණ අවසන් වන තුරු ඔහු එලෙස අනිවාර්ය නිවාඩු යැවූ බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ ඉහල තනතුරු දෙකම දැන් හිස්ව පවතිනවා.