Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පිලිපීනය මුහුදේ ගිලෙයි




කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් ලක්ෂ 15ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය ආසන්න මුහුදේදී ගිලී ගොස් තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම නෞකාව පෙරළී ඇති බවට සැක පළ කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නෞකාව ගිලී යාමෙන් පිලිපීනය ආසන්න මුහුදු කලාපයේ විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

නෞකාව අනතුරට පත් වන විට එහි 17 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්   සිටි බවට සඳහන්.

එම කාර්ය මණ්ඩලයේ 17 දෙනාගෙන් 16 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා. ඉන් පුද්ගලයින් 04 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර එම පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.