Sunday, September 8, 2024

General line - 0115112241

අවදානම නොතකා තවත් ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු මියන්මාරයට යයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




මියන්මාරයේ පවතින තත්ත්වය නොසළකා තවත් ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු එරටට ගොස් ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

මාධ්‍ය හරහා මේ පිළිබඳ කොතරම් දැනුවත් කිරීම් සිදු කළද ඒවායින් කිසිදු පළක් වී නොමැති බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව නිවැරදි ක්‍රමවේද ඔස්සේ විදේශගත වන ලෙසයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඉල්ලා සිටියේ.

මියන්මාරයේ කඳවුරුවල තවමත් ශ්‍රී ලාංකිකයින් සිරවී සිටින බවත් ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවා.