Sunday, September 8, 2024

General line - 0115112241

නිදහස් පක්ෂ කාර්යාල අර්බුදයට අදාළව තිලංගගේ පැමිණිල්ලට අතුරු නියෝගයක්

උදය කුමාර




ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අභියාචනාධිකරණය සඳහන් කර ඇත්තේ අදාළ අතුරු තහනම් නියෝගය අගෝස්තු මස 06 වනදා තෙක් බල පැවැත්වෙන බවයි.